පුනරුදයේ මහරගම වැඩ සටහනේ සමාරම්භය…
ගරු සභාපති සමන් සමරකෝන් මැතිතුමාගේ උපදෙස් පරිදි ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ “ජපුර හඩ” සංවිධානය, මහරගම නගර සභාව එක්ව සංවිධානය කල පුනරුදයේ මහරගම (පොහොසත් – ලස්සන පුරවරයක් උයදසො) වැඩ සටහනේ සමාරම්භය අද දින මහරගම නගර සභාවේදී සිදු විය.
එම අවස්ථාවට ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාරගමගේ මැතිතුමා, ගරු නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මැතිතුමා, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මැතිතුමා හා නාගරික මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත දේශපාලන අධිකාරියේනද, “ජපුර හඩ” සංවිධානය, මහරගම නගර සභාව, බස්නොහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, මහරගම වෙළෙඳ ප්‍රජාව, වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයේ සිසුන්, ස්වේච්ඡා සංවිධානය, කොට්ඨාස සභා නියෝජිතයන් හා මහජනතාවගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙසින් පවත්වන ලදි.