අළුත් අවුරුදු උත්සවය

සිංහල හා හිංදු අළුත් අවුරුද්ද නිමිත්තෙන් වසර 09 කට පසුව මහරගම නගර සභාව මගින් සංවිධානය කරන ලඳ නැටුම්, ගැයුම්, සංස්කෘතික අංග හා ජන ක්‍රීඩා වලින් සපිරි “ නව හිරු උදාන බක්මහ උළෙල 2024 ” ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජ වාදී ජන රජයේ ගරු අගමැති දිනේශ් ගුණවර්ධන මතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2024.04.27 දින නාවින්න නගර සභා ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව අවසන් කරන ලදි.
නගර සභාවේ ලේකම් අරුණ ඩි ඩයස් මහතාගේ සංකල්පයක් මත, උපතේ සිට මරණය දක්වා සේවාවන් සපයන අවුරුද්දේ දින 365 ම අඛණ්ඩව රාජකාරී කටයුතු සිදුකරන නගර සභා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුලේ සමාජිකයන් විශාල පිරිසක් සහභාගී කරගනිමින් “ නව හිරු උදාන බක්මහ උළෙල 2024 ” පවත්වන ලදි, මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට නගර සභා සාමාජිකයන්ගේ එකමුතු බව, සහයෝගය හා කැපවීම ඉවහල් විය.
එහිදී කැමරා කාචයේ සටහන් වූ රසමුසු තැන්….