ලේකම්තුමාගේ පණිවුඩය

නුතන තාක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ අවදිවන ලෝකය වෙත ඔබ රැගෙන යාම සඳහා මහරගම නගර සභා වෙඩ් අඩවිය යාවාත්කාලින කර කාර්යක්ෂම හා සථලදායි සේවාවක් අඛණ්ඩව ඔබ වෙත ලබා දීම සඳහා අප නගර සභාව සතු සීමිත වූ භෞතික මානව හා මුල්‍ය සම්පත් මෙහෙය වීම මාගේ පරම පවිත්‍ර චේතනාවයි.

එහි ප්‍රතිථල ලබා ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය භාවිතා කරන ඔබ වෙත මාගේ කෘතඥතාවය පළකරමි.

ගණකාධිකාරීතුමියගේ පණිවුඩය

නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ආර්ථික හා සමාජීය අභිවෘර්ධිය සැලසීම සඳහා පවතින්නා වූ සීමිත මූල්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂමතාවයකින් යුතුව මනාව කළමනාකරණය කරමින් සඵලදායී සේවාවක් සැපයීම මාගේ අරමුණයි.

ඉංජිනේරු මහතාගේ පණිවුඩය

සීමිත මානව හා භෞතික සම්පත් ප්‍රශස්තව කළමනාකරණය කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති රිතී හා රෙගුලාසි ආරක්ෂා කරම්න් බලප්‍රදේශයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති තුලින් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සැපයීම මාගේ අභිලාෂයයි.තවද පොදු භෞතික සම්පත් ආරක්ෂාකාරී ලෙස ප්‍රයෝජනයට ගැනීම මහජනතාවගේ වගකීමක් බව වැඩිදුරටත් ප්‍රකාශ කරමි.