කසළ කළමණාකරණය විධිමත් කරමු

බස්නාහිර පළාත් සභා අනුග්‍රහය  මත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය නිවසේදීම වෙන් කර එකතු කිරීමේ වැඩසටහන යටතේ සෑම නේවාසික එකකයක් සඳහාම සම්මත වර්ණයන්ගෙන් යුත් කසළ වෙන් කිරීමේ මලු බෙදාදීම සිදු කරන අතර ඊට සමගාමීව,

මහජනතාව වෙන් කළ කසළ සඳහා වන වානිජමය වටිනාකම හදුන්වා දීම සඳහා සිදුකරණ කසළ පොළ වැඩසටහන සෑම සති අන්තයකම හදුනාගත් එක් ප්‍රදේශයක ක්‍රියාත්මකය.

ඒදින මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා එකාබද්ධව අදාළ ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක අතර මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම ප්‍රජාව දැනුවත් කිරීම අදාළ නිතී ක්‍රියාත්මක කිරීමද සිදු  කරනු ලබයි.

කළල්ගොඩ ප්‍රදේශය – 2018.06.09
ගොඩිගමුව ප්‍රදේශය – 2018.07.14
නාවින්න කොට්ඨාසය – 2018.07.21
පමුණුව කොට්ඨාසය – 2018.07.28
මිරිහාන උතුර කොට්ඨාසය – 2018.08.04
මාලපල්ල ප්‍රදේශය – 2018.08.11
පන්නිපිටිය – 2018.09.01